Monday, November 20, 2017

ජෛව ලෝකයේ අසිරිය

06 ශ්‍රේණිය
විද්‍යාව
ජෛව ගෝලයේ අසිරිය

පරිසරය ලෙසට හදූන්වන්නේ කුමක්ද?
පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි

පරිසරයෙහි ඇති දේ වර්ග කල හැකි ක්‍රම මොනවාද ?
  • ජීවීන් 
  • අජීවීන්

 
 සරළව පණ ඇති දේ ජීවීන් ලෙසත් පණ නැති දේ අජීවීන් ලෙසත් හදුන්වයි
  • ක්ෂුද්‍ර ජීවීන් යනු කවුරුන්ද ?
  • ක්ෂුද්‍රජීවින් යනු තනිතනිව ගත් කළ පියවි ඇසට නොපෙනෙන ජීවීන්  වේ










ජීවින් තුල පමනක් දැකගතහැකි ලක්ෂණ මොනවාද?
  • වර්ධනය
  • පෝෂණය
  • චලනය
  • ශ්වසනය
  • ප්‍රජනනය


වර්ධනය
වර්ධනය යනු කාලය ගතවීම සමග ජීවීන් ප්‍රමානයෙන් විශාල වීමයි


පෝෂණය
පෝෂණය යනු ජීවින් තම ආහාර අවශ්‍යතාව සමිපුර්ණ කරගැනීමයි

ජීවීන් ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි
  • ස්වයංපෝෂීන්  
  • විෂමපෝෂින්

ස්වයංපෝෂීන් යනු තම ආහාර තමා විසින්ම නිශ්පාදනය කරගන්නා ජීවීන් වේ

උදාහරණ - හරිතශාක

විෂම පෝෂීන් යනු හරිත ශාක නිපදවන ආහාර මත සෘජුව හෝ වක්‍රව යැපෙන ජීවීන් වේ

උදාහරණ - සියලුම සතුන්

හරිත ශාකවල ආහර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හදුන්වයි


ප්‍රභාසංස්ලේෂණය සදහා අවශ්‍ය ප්‍රධාන සාධක හතරකි
  • ආලෝකය
  • ජලය
  • කාබන් ඩයොක්සයිඩ් වායුව
  • හරිතප්‍රද
  • ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලුකෝස් වන අතර අතුරු ඵලය ඔක්සිජන් වායුව වේ


වායුගෝලයේ ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩි වායු ප්‍රමානය සමතුලිතව තබාගැනීමට ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වැදගත්වේ








No comments:

Post a Comment