Tuesday, November 21, 2017

ප්‍රජනනය
  • ප්‍රජනනය යනු ජීවින්ගේ අඛණ්ඩ පැවැත්ම සදහා තම වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය වේ

ස්වසනනය
  • ස්වසනය යනු ජීවීදේහ වල ගබඩා වී ඇති ආහාර සමග ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියාකර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය වේ

සංචරණය
ජීවීන් තැනින්තැනට ගමන් කිරීමේ ක්‍රියාවලිය සංචරණය ලෙස හදුන්වයි

විවිධ ජීවීන් විවිධ ආකාරයෙන් සංචරණය සිදුකරයි එවැනි සංචරණ ආකාර කීපයක් පහත දැක්වේ
  • ඇවිදීම
  • බඩගායෑම
  • පිහිනීම
  • පියාඹායෑම
  • පැනපැන යාම

ශාක හා සතුන් අතර සමානකමි මෙන්ම වෙනස්කමිද ඇත
ශාක හා සතුන් අතර පවතින වෙනස්කමි කීපයක් පහත දැක්වේ

ශාක -
  • සංචරණය නොකරයි
  • වර්ධනයට සීමාවක් නැත
  • ප්‍රභාසංස්ලේෂණය කරයි (ස්වයං පෝෂින්වේ)
  • හරිත ප්‍රද ඇත

සතුන් -
  • සංචරණය කරයි
  • වර්ධනයට සීමාවක් ඇත
  • විෂමපෝෂීන් වේ
  • හරිත ප්‍රද නැත 

Monday, November 20, 2017

ජෛව ලෝකයේ අසිරිය

06 ශ්‍රේණිය
විද්‍යාව
ජෛව ගෝලයේ අසිරිය

පරිසරය ලෙසට හදූන්වන්නේ කුමක්ද?
පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි

පරිසරයෙහි ඇති දේ වර්ග කල හැකි ක්‍රම මොනවාද ?
  • ජීවීන් 
  • අජීවීන්

 
 සරළව පණ ඇති දේ ජීවීන් ලෙසත් පණ නැති දේ අජීවීන් ලෙසත් හදුන්වයි
  • ක්ෂුද්‍ර ජීවීන් යනු කවුරුන්ද ?
  • ක්ෂුද්‍රජීවින් යනු තනිතනිව ගත් කළ පියවි ඇසට නොපෙනෙන ජීවීන්  වේ










ජීවින් තුල පමනක් දැකගතහැකි ලක්ෂණ මොනවාද?
  • වර්ධනය
  • පෝෂණය
  • චලනය
  • ශ්වසනය
  • ප්‍රජනනය


වර්ධනය
වර්ධනය යනු කාලය ගතවීම සමග ජීවීන් ප්‍රමානයෙන් විශාල වීමයි


පෝෂණය
පෝෂණය යනු ජීවින් තම ආහාර අවශ්‍යතාව සමිපුර්ණ කරගැනීමයි

ජීවීන් ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි
  • ස්වයංපෝෂීන්  
  • විෂමපෝෂින්

ස්වයංපෝෂීන් යනු තම ආහාර තමා විසින්ම නිශ්පාදනය කරගන්නා ජීවීන් වේ

උදාහරණ - හරිතශාක

විෂම පෝෂීන් යනු හරිත ශාක නිපදවන ආහාර මත සෘජුව හෝ වක්‍රව යැපෙන ජීවීන් වේ

උදාහරණ - සියලුම සතුන්

හරිත ශාකවල ආහර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හදුන්වයි


ප්‍රභාසංස්ලේෂණය සදහා අවශ්‍ය ප්‍රධාන සාධක හතරකි
  • ආලෝකය
  • ජලය
  • කාබන් ඩයොක්සයිඩ් වායුව
  • හරිතප්‍රද
  • ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලුකෝස් වන අතර අතුරු ඵලය ඔක්සිජන් වායුව වේ


වායුගෝලයේ ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩි වායු ප්‍රමානය සමතුලිතව තබාගැනීමට ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වැදගත්වේ